Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

2020 දී තමන් විශ්‍රාම නොයන බව ජනපති පවසයි

රට වෙනුවෙන් වැඩ කිරීමට ඉතිරිව ඇති නිසා 2020 දී තමන් විශ්‍රාම නොයන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (7) පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මඩකලපුවේ දී පැවැත්වූ මැයි දින රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

“ජාතික සමගියට කම්කරු ජවයක් තේමාව” යටතේ පැවැති මෙම මැයි දින රැලිය මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. දූෂණයෙන්, වංචාවෙන් තොර අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩණැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන ලෙස එහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ජාතික සමගිය ගොඩනැගීමේ කාර්යයට වෘත්තීය සමිති හා ජන කණ්ඩායම් වලට විශාල වැඩ කොටසක් කළ හැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.