Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

2025 දී සාගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දෙගුණ වේ

වසරක් පාසා ටොන් මිලියන 08ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වන අතර, වසර 2025 වනවිට සාගරයේ පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 250 දක්වා දෙගුණයකින් ඉහළයා හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී ඇත.

ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති එම අධ්‍යයන වාර්තාවට අනුව, සාගරය විෂ රසායනික වලින් සමන්විත ආකරයක් බවට ඉදිරියේදී පත්වේ.


එය සාගර ජීවීන්ට මෙන්ම මිනිසාට ද අහිතකර තත්ත්වයක් බවයි, පැවසෙන්නේ. සාගරය දැනටමත් ටොන් මිලියන 150ක් පමණ වූ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දූෂණයට ලක්වී ඇත.