Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

රටවල් 5ක මෙරට තානාපති හා මහකොමසාරිස් ධූර හිස්

මාස කිහිපයක සිට ප්‍රධාන පෙළේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් ධූර හිස්ව පවතින බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අනුව අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, රුසියාව, බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල තානාපති හා මහකොමසාරිස් තනතුරු මෙලෙස පුරප්පාඩු වී ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවට දේශපාලනික ආර්ථික හා විදේශ කටයුතු අංශ වලින් අතිශය වැදගත් රටක් වන අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය මේ වන විට මාස 9ක සිට පුරප්පාඩුව පවතී. හිටපු තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත්කිරීමත් සමග එම ධූරය පුරප්පාඩු විය.

පසුගිය පෙබරවාරි මාසයේ සිට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තනතුර පුරප්පාඩු වී ඇති අතර එම ධූරයේ අවසන් වරට සේවය කළේ, අමරි විජේවර්ධන මහත්මියයි. පසුගිය මාර්තු මාසයේ සිට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද පුරප්පාඩුව පවතී. අවසන් වරට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේ, වෛද්‍ය සමන් වීරසිංහ මහතායි. ඊට අමතරව බ්‍රසීලය හා කෙන්යාව යන රටවල ද ශ්‍රී ලංකා තානාපති ධූර පුරප්පාඩුව පවතී.