Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

වට්ටක්කා ගන්න මහා භාණ්ඩාගාරයෙන් රු. ලක්ෂ 50 ක් වෙන් කෙරේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වට්ටක්කා ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකි බවට පළවන වාර්තා පදනම් කර ගනිමින් අතිරික්ත වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම මුදල් මේ වනවිටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදාහැර ඇති බවයි.