Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

චීන අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියාවේ සංචාරයක

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යන් මහතා නිල සංචාරයක් අරඹමින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ළඟාවෙයි. චීන නව රාජ්‍ය මණ්ඩලය මාර්තු මාසයේ පත්වීමෙන් පසු චීන අග්‍රාමාත්‍යවරයා යෙදෙන පළමු සංචාරය මෙයයි.

චීන ඉන්දුනීසියා පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ස්ථාපිතවීමේ 5 වැනි සංවත්සරය සහ ආසියාන් සංවිධානය හා චීනය අතර උපාය මාර්ගික සබඳතාව ස්ථාපිතවීමේ 15 වැනි සංවත්සරය යෙදෙන මෙම වස‍රේ චීන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දුනීසියා‍ සංචාරය ආරම්භ වීම වැදගත් කොට සැළකේ.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා 2013 වසරේ සිදුකළ ඉන්දුනීසියා සංචාරයේ සිට දෙරටේ සංවර්ධන උපාය මාර්ගයන් ප්‍රවර්ධනය වී ඇති අතර ඉන් බොහෝ ක්ෂේත්‍රවල සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිව ඇතැයි ජකර්තා නුවරට ළඟාවීමෙන් පසු චීන අගමැතිවරයා සඳහන් කළේය. සංචාරය අතරතුර චීන අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියා ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. හෙතෙම චීන ඉන්දුනීසියා ව්‍යාපාරික සමුළුවට ද සහභාගී වනු ඇති. ඉන්දුනීසියා සංචාරයෙන් පසු චීන අග්‍රාමාත්‍යවරයා “චීන - ජපාන - දකුණු කොරියා නායක සමුළුවට” සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.