Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

උසස් පෙළ සිසුන්ට ප්‍රශ්ණ තෝරා ගැනීමට අමතර කාලයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී සිසුන්ට ප්‍රශ්න තෝරාගැනීම සඳහා අමතර කාලයක් ලබාදීමට අපේක්‍ෂා කරණ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පී. පූජිත මහතා සඳහන් කර ඇත්තේ, ප්‍රශ්න තෝරා ගැනීමේදී සිසුන් මුහුණදෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවයි.

2018 අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් ද මේ සඳහා ඇතුළත් වන බව පැවසේ. එහි අරමුණ වන්නේ දරුවන්ට ඇති වන මානසික ආතතිය අවම කිරීමයි. කෙසේ වුවත් විනාඩි 10ත් 15ත් අතර කාලයක් ඒඉ සදහා යෝජනාවී ඇති බව පැවසේ.