Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

ලෙස්ටර්ගේ රණ මයුර සම්මානයේ හොරකමට සම්බන්ධ වූවන්ගෙන් ප්‍රශ්ණ කෙරේ

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ යාවජීව ප්‍රණාම රණ මයුර සම්මානය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බවයි, පොලිසිය පවසන්නේ. මාර්ග අංක 177 කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක තිබී පසුගිය 05 වනදා  සම්මානය හමු විය. රණ මයුර සම්මානය කිසිවෙකු විසින් බස් රථයේ දමා ගොස් තිබියදී එය දුටු රියදුරු සහ සහයකයා විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සම්මානය පොලිසිය භාරයට ගෙන තිබිණ.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තැන්පත් කර තිබු දේහය පසුගිය දෙවන දා නිදහස් චතුරස්‍රය කරා රැගෙන යාමට පෙර නිවසේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව සම්මානය අතුරුදන්ව ඇති බවටයි පැමිණිල්ලක් ලැබී තිබුනේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මෙම රණ මයුර සම්මානය හිමිවූයේ දිල්ලි අන්තර් ජාතික සිනමා උළෙලේදී ය. ඒ 1965 වසරේ නිර්මාණය කරනු ලැබු ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙනි. ඔහුට මෙම සම්මානය හිමිවුයේ චිත්‍රපටය තිරගත වී වසර 35ක් ගත වු පසුවයි.