Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

නයිජීරියා ජනපති ඇමෙරිකාවේ

ඇමරිකාවේ නිල සංචාරයකට පැමිණි නයිජීරියා ජනාධිපති මුහම්මාදු බුහාරී සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි. ධවල මන්දිරයට පැමිණි නයිජීරියා ජනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය.

නයිජීරියා ජනාධිපති බුහාරී සහ ට්‍රම්ප් එකිනෙකා හමුවුණු පළමු අවස්ථාව මෙයයි. නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනුයේ බෝකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නයිජීරියාව අස්ථාවර වී ඇත. රාජ්‍ය නායකයන් දෙදෙනා මෙම අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සාකච්ඡා වලින් පසු රාජ්‍ය නායකයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.