Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු චීනයට

ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ප්‍රමුඛ දූත පිරිස  චීනයේ සංචාරයක නිරත වෙති.ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, මුදල් ඇමති Steven Terner Mnuchin මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස 3 වැනිදා සිට 4 වැනිදා දක්වා චීනයේ සංචාරය කරයි.

මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍ය ලියු හ මහතා ඇමරිකානු නියෝජිත කණ්ඩායම හමුවීමට නියමිතයි. චීන ඇමරිකා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම අපේක්ෂාව වේ.