Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

‍ නයිජීරියාවේ සිවිල් වැසියන් දහසක් මුදා ගනී

නයිජීරියානු සහ කැමරූන් ආරක්ෂක හමුදා චැඩ් විල් ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රඳවා සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකිවී ඇති බව පැවසේ.

එහිදී බොකෝ හරාම් සන්නද්ධ සාමාජිකයන් 37 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. චැඩ් විල පිහිටා ඇත්තේ නයිජීරියාව, කැමරුන්, නයිජර් සහ චැඩ් රාජ්‍යයන්හි දේශසීමාවේය. මෙහෙයුමේදී බොකෝ හරාම් කඳවුරු රැසක්ම විනාශ කළ අතර, ගුවන් නාශක අවි ඇතුළු අවි ආයුධ රැසක්ම සිය භාරයට ගත් බවයි, නයිජීරියානු හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.