Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

උතුරු ඇමරිකා හමුව දේශසීමාවේ දී පැවැත්වීමට සූදානම්

උතුරු සහ දකුණු කොරියා දේශ සීමා යුද මුක්ත කලාපයේදී එකිනෙකා හමුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළහ. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, ඇමරිකානු ජනාධිපතිවරයායි.

ඔහු මේ බව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු කිම් ජොන් උන් ඊට කැමැත්ත පළ කර ඇති බව පැවසේ. කෙසේ නමුත් ඉකුත් සිකුරාදා (27) උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාපති මූන් ජේ ඉන් අතර දේශසීමාවේ යුද මුක්ත කලාපයේ පැවැති හමුව අතිශය සාර්ථක විය. ඒ අනුව, ට්‍රම්ප් ද කැමැත්ත පළ කළේ යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියා නායකයා හමුවීමටය.


උතුරු කොරියාව ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම කළේ 2006 වසරේදීය. ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකාවට හිතවත් බටහිර රටවල්, එම න්‍යෂ්ටික පිපිරීම් සම්බන්ධයෙන් විරෝධය දැක්වීය. ඒ සමඟම උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනැවීම සිදුවිය. ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනය එක්ව වට නවයක දී සම්බාධක පැනැවීමකට කැමැත්ත ලබා දුන්හ. එම සම්බාධක වලින් ද වැඩි ප්‍රමාණයක් යෝජනා කළේ ඇමෙරිකාව විසිනි.

2006 වසරේදී, මූලික වශයෙන් බර අවි, මිසයිල තාක්ෂණය සහ සුඛෝබෝගී භාණ්ඩ සම්බන්ධයෙන් උතුරු කොරියාවට සම්බාධක පැනීමට හේතුවිය. 2017 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට තෙල් මිලදී ගැනීම, කෘෂිකාර්මික කටයුතු මෙන්ම උතුරු කොරියානුවන්ට විදේශවල රැකියා කිරීම සම්බන්ධයෙන් ද සම්බාධක පැනවීය.