Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

ෆේස්බුක් දත්ත සොරකම් කළ සමාගම වසා දැමීමට සැරසේ

ලොව පුරා ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට එම සමාගම තීරණය කරයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එල්ලවී ඇති චෝදනා මත සේවාදායකයන් සහ සේවකයින් තම සමාගමෙන් ඉවත්ව යෑම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.

තම සමාගමේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සහ කළ ද ඊට අවස්ථාවක් නොලැබුණ බවයි, ඔහු විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බව අනාවරණ විය. ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ සඳහා අදාළ තොරතුරු යොදා ගෙන ඇති බවට චෝදනා නැගේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් ද මෙලෙස ග්‍රාහකයන්ගේ දත්ත අනවසරයෙන් යොදා ගැනීම නිසා මතභේදකාරී තත්ත්වයක් ඇති විය.


ඒ අනුව 33 හැවිරිදි සකබර්ග් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවේ පසුගියදා පෙනී සිටියහ. එමෙන්ම ඔහු කොංග්‍රස් වාණිජ කමිටුව වෙත ලිඛිත ප්‍රකාශයක් ද ඉදිරිපත් කර ඇති බව පැවසේ.