Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නිමා වේ

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නව තරග වාර්තා 8ක් සමගින් නිමා වේ. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය.

එහිදී ශ්‍රී ලංකාව නව දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා 8ක් සමඟ රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් දිනා ගනියි.

පසුගිය දින දෙක තුළ රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 202ක් තරග බිමට පිවිස සිටියහ. මේ ශූරතාවලියේදී වැඩිම පදක්කම් දිනාගත් ඉන්දියාව නව දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා 12ක් සමඟ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8 කට හිමිකම් කීහ.


මේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 84ක්, ඉන්දියාවෙන් 68ක්, පාකිස්ථානයෙන් 16ක්, මාලදිවයිනෙන් 13ක්, බංග්ලාදේශයෙන් 11ක්, නේපාලයෙන් 07ක් හා භූතානයෙන් 03ක් සහභාගී වූහ.