Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

සිරියාවේ සතුරු ඉලක්ක සදහා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා - තුර්කි ජනාධිපති

දේශසීමා හරහා අසල්වැසි සිරියාවේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම යුද මෙහෙයුම් සිදුකරන බවට තුර්කි ජනාධිපති රිසෙෆ් තායිප් එර්දොගාන් ප්‍රතිඥාවක් ලබාදේ. තුර්කි ජනපතිවරයා මෙසේ ප්‍රතිඥා දී ඇත්තේ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන්, පාලක යුක්තිය සහ සංවර්ධනය පක්ෂයේ රැළියකට එක් වෙමිනි.

තුර්කිය ලබන ජූනි 24 වැනිදා හදිසි මැතිවරණයකට යෑමට නියමිතය. එම මැතිවරණය හරහා තම බලතල වැඩි කර ගැනීමට තුර්කි ජනපතිවරයා සූදානම් වෙයි.
තුර්කිය පළමුවෙන් සිරියානු අර්බුදයට සම්බන්ධ වූයේ සිරියාවේ අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමිනි. ඒ, 2016 සිට 2017 තෙක් කාලයේය. දයේෂ් ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට සිරියානු රජයට තුර්කියේ සහාය නොඅඩුව ලැබුණි. දයේෂ් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමෙන් පසු, තුර්කි සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල ආරම්භ කළේය. ඒ, සිරියානු රජයේ පමණක් නොව, ජාත්‍යන්තරයේ ද සහාය ඇතිවය.