Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රති සංවිධානයකට සූදානම් බව පැවසේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වෙනස් කර පූර්ණ ප්‍රති සංවිධානයක් සිදු කරන ලෙස එහි ‍‍‍ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නියමිත බව පැවසේ.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට හා මහ මැතිවරණයේදී පක්ෂය තුළින්ම ආණ්ඩුවක් පිහිටුවීමට නම්, පක්ෂය තුළ පූර්ණ ප්‍රති සංවිධානයක් අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. මහලේකම්, භාණ්ඩාගාරික, ජාතික සංවිධායක ඇතුළු සියලු තනතුරු ද දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු ද නැවත පත් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර එහි නිර්දේශ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර පූර්ණ ප්‍රති සංවිධානයක් සිදු කිරීමට ‍සූදානම් වේ.