ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවද තමන් තවදුරටත් එහි රැදී සිටීමට සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රොහානි මහතා පවසයි. ඇමරිකාව නොමැතිව එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම ඉරානයේ අපේක්ෂාව බව පැවසු ඔහු පෙන්වා දුන්නේ එයින් ඇමරිකාව ඉවත් වීම වඩාත් යහපත් වනු ඇති බවයි. එවිට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම පහසු බව අදහස වේ.
ඇමරිකානු ජනාධිපතිවරයා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමේ තීරණය ලබන 12 වැනි දින ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වෙයි. එසේම ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක අත්හැරීමේ ලියවිල්ල දීර්ඝ නොකරන බව ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත.