Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

නියඟයෙන් යාපනයේ රතු ළූණු අස්වැන්න විනාශ වේ

දැඩි නියඟය නිසා යාපනයේ රතු ළූණු වගා කළ හෙක්ටයාර් 1980 ක් සම්පූර්ණයෙන්ම විනාශව ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

යාපනයේ ඉලවාලී, උරුම්පිරායි, මාදගල් යන පළාත් හී රතු ළූණු වගාවන්ට තදබල ලෙස හානි සිදුව ඇති අතර එම පළාත්වල ගොවීන් විසින් ලබාගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් යම් සහනයක් සලසා දෙන මෙන්ද ගොවි සංවිධාන විසින් ඉල්ලීමක් කර ඇති බව පැවසේ.


යාපනයේ ගොවීන් විශාල ප්‍රමාණයක් මෙවර රතු ළූණු වගා කර ඇත්තේ, අර්තාපල් වගා කිරීමට ඉල්ලා සිටි බීජ අර්තාපල් ඔවුන්ට නියමිත පරිදි නොලැබීමෙන් පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සඳහා ලබාදුන් විකල්ප බෝගය රතු ළූණු වීම නිසාවෙනි.