Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

ජාතික කුරුඳු සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජාතික කුරුඳු සතිය මැයි මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

මේ බව සඳහන් කළේ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා විසිනි.“ශ්‍රී ලාංකේය කුරුඳු සුව දිවියට – ධන සවියට” යන්න තේමා කර ගනිමින් දිවයිනේ කුරුඳු වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ වන ගාල්ල , මාතර, හම්බන්තොට, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම කුරුඳු සතිය ක්‍රියාවට නැංවේ. ජාතික කුරුඳු සතියට සමගාමීව පැවැත්වෙන කෘෂිකාර්මික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාතර නුපේ පැරණි ඕලන්ද වෙළඳ පරිශ්‍රයේදී මැයි 10, 11 දෙදින තුළ පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා පැවැත්වෙන බව පැවසේ. කුරුඳු නිෂ්පාදනවල ගුණාත්ම භාවය වැඩි දියුණු කරමින් යුරෝපීය වෙළදපළ තුළ ප්‍රවේශ ඉඩකඩ පුළුල් කර ගැනීම මෙහි අරමුණ වේ.