Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

ආලේපන නියාමනයට නව නීතියක්

සම පැහැපත් වීමට භාවිත කරන බොහෝ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර දෑ ඇති නිසා ආලේපන නියාමනයට නව නීතියක් හඳුන්වා දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව අදාළ ආලේපනයේ අඩංගු ද්‍රව්‍ය හා ආලේප කළයුතු ප්‍රමාණයන් පිළිබඳ ආලේපන ලේබණයේ සඳහන් කළයුතු බවට නීතියක් පැනවීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනයට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න අත්සන් තබා තිබෙන අතර, එය ඉදිරි දිනවල ප්‍රසිද්ධියට පත් කිරීමට සැලසුම් කර තිබේ. අදාළ නීතියට අනුව කටයුතු කිරීමට නිෂ්පාදකයන්ට සහ ආනයනය කරුවන්ට මාස 06 ක කාලයක් ලබාදීමට ද නියමිතයි.