Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ඇමරිකාවේ නිව්යෝර්ක් නීතිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක්හි නීතිපති ජනරාල් එරික් ෂ්නයිඩර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කාන්තාවන් සිව්දෙනෙකුට පහරදීමේ චෝදනා එල්ල වීමත් සමඟ ඔහු එම ධුරයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පහරකෑමට ලක්වූ කාන්තාවන් සිව්දෙනා අතර ඔහුගේ පෙම්වතියන් දෙදෙනෙකු ද වන බව සඳහන්. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, තමාට එරෙහිව එල්ලවී ඇති චෝදනා තම වෘත්තීය සමඟ සම්බන්ධ නොවුණ ද ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකෙරෙන තුරු තමා ධුරයෙන් ඉවත් වන බවයි.