Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

‍සර්බියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ

සර්බියානු විදේශ කටයුතු අමාත්‍ය අයිවිකා ඩෙසික් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ඒ 07 වැනි දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දීය.

සර්බියාව ඇතුළු පැරණි යුගෝස්ලාවියාවට අයත් රජ්‍යයන් සමඟ යළි අතීත මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් බව පැවසේ. සර්බියාව එම සබඳතා යළි ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ අමාත්‍ය ඩැසික් මහතා පෙන්වා දී ඇත.


ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව හා අවකාශ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම ද මෙම සාකච්ඡවේ දී සිදුව තිබේ. වීසා බලපත්‍රයන්ගෙන් තොරව දෙරටේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳව ගිවිසුමකට අත්සන් කිරීම සඳහා තීරණය වී තිබේ.