Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

හිස්බුල්ලා හිතවාදීන්ට ජය

වසර නවයකට පසු ලෙබනනයේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන්, ආසන අඩකට වඩා වැඩි ප්‍රමාණයක බලය හිමි කරගැනීමට ඉරානයේ සහාය ලබන හිස්බුල්ල සංවිධානය සමත්ව තිබේ.

ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ෂියා ඉස්ලාම් දහම මුල් කරගත් සංවිධානයකි.

හිස්බුල්ලා සංවිධානය හමුදා සහ දේශපාලන යන කණ්ඩායම් දෙකකින් සමන්විතය. ලෙබනන මහ මැතිවරණයේ නිල නොලත් ප්‍රතිඵල ප්‍රකාශයට පත්ව තිබිණි. ලෙබනන මාධ්‍ය ද එම ප්‍රතිඵල වාර්තා කර තිබිණි. ලෙබනනයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර නවයකට පසුවය. ලෙබනන මාධ්‍ය වාර්තාවලට අනුව හිස්බුල්ල සංවිධානය පාර්ලිමේන්තුවේ ආසනවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් දිනාගෙන තිබේ. මැතිවරණයේදී හිස්බුල්ලා සංවිධානය වැඩි බලයක් හිමි කරගැනීමේ කලාපය තුළ ඉරානයේ මැදිහත්වීමත් ඉරානයේ බල ව්‍යාප්තිය පෙන්නුම් කරන්නකි.

ඉරානයේ බලය මේ වනවිට ඉරාකය සහ සිරියාවටටත් ව්‍යාප්ත වී ඇතැයි මැදපෙරදිග දේශපාලන විශ්ලේෂකයෝ පවසති. හිස්බුල්ලා සංවිධානය අසල්වැසි සංවිධානයේ ප්‍රමුඛ සතුරකු වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් යනුවෙන් ද නම් කර තිබේ.