Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ඉදිරි පැය කිහිපයේ පළාත් රැසකට මහ වැසි

නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 8 තුළ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථාවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 - 80 අතර කෙටි කාලීන තද සුළං ඇතිවිය හැකි හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර උතුර, නැගෙනහිර, ඌව පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අද (08) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.