Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

රුපියල ප්‍රකෘතිමත් වෙයි

වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වූ රුපියලේ අගය ඊයේ යළි ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබේ.

අපනයනකරුවන් ඩොලර් අලෙවි කිරීම, ආනයන කටයුතු සඳහා පැවැති ඉල්ලූම අභිබවා යාම ඊට හේතුව බව පැවසේ. චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම හම්බන්තොට වරාය ගිවිසුමේ ඩොලර් මිලියන 584ක් වූ අවසන් ණය වාරිකය ලබාදීම ද මෙරට මූල්‍ය වෙළඳපොළ ශක්තිමත්වීමට හේතුවක්.

 ඒ අනුව රුපියලේ අගය ඊයේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 158යි ශත 60ක් ලෙස සටහන් වුණා. මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 160යි ශත 92ක් ලෙසයි.