Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

නව බස්රථ දෙදහසක් ධාවනයට

ලංගම සේවය සඳහා නව බස් රථ දෙදහසක් ධාවනයට යෙදවීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ සදහා විදෙස් ආයෝජකයන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේය.

ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උපරිමයෙන් සැලසීම අරමුණ වේ. රජයේ අරමුදල් වැය නොකර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. එන්ජින් කට්ටල 500 ක් බස් රථ වලට සවිකිරිමේ වැඩසටහන ද ක්‍රියාත්මක බව අශෝක අබේසිංහ මහතා පැවසීය.