Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

මත්තලට ආපු දැවැන්තයා ලංකාවෙන් පිටත්ව යයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබු ලොව විශාලතම ගුවන් යානාවක් වන antano 225 වර්ගයට අයත් ගුවන්යානය 20 වැනිදින අළුයම 4.45 පමණ මත්තල ගුවන්තොටුපලින් නික්ම ගොස් තිබේ.


ලොව විශාලතම ගුවන්යානය වන මෙය පසුගිය 18 වනදා උදෑසන 6.35 පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන ලදී. රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය මැලේසියාවේ සිට පැමිණ තිබේ. යානය මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා ඇත්තේ, ඉන්දන ලබා ගැනීමත්, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සඳහා විවේකය ලබා ගැනීම සදහාත්ය.


මෙම ගුවන්යානය ගොඩ බැස්සවීමෙන් මිලියන 15 කට වඩා ආදායමක් ලංකාවට ලැබී තිබෙන බව වාර්තා වේ.