Social Icons

facebookrss feedemailtwitter

Saturday, December 8, 2018

උ.කොරියාව නැවත රහසින් මිසයිල මධ්‍යස්ථාන අරඹයි

නව සැටලයිට් ඡායාරූප කිහිපයකට අනුව උතුරු කොරියාවේ යොන්ග්ජියෝ ඩොන්ග්  මිසයිල  මධ්‍යස්ථානයේ හා ඊට නුදුරු ස්ථාන කිහිපයක රහසින් නැවතත් මිසයිල නිෂ්පාදනය වන බවට සොයා ගෙන ඇත.

ඒ අනුව ඇමෙරිකාව හා උතුරු කොරියාව  මෙතෙක් එළඹී ඇති න්‍යෂ්ටික මිසයිලහරණ වැඩසටහනට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට සී.එන්.එන් මාධ්‍ය ජාලය අනාවරණය කරයි. මෙම සැටලයිට් ඡායාරූප මඟින් උතුරු කොරියාව රහසේ සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙල සිදු කරන බව පෙනෙයි. එමෙන්ම මෙහි බොහෝදුරට නිෂ්පාදනය වන්නේ දිගු දුර  මිසයිල බවට ද අනාවරණය වී ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවම කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.