Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

හමාස් සංවිධානයට එරෙහි ඇමෙරිකානු යෝජනාව පරාජ වේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට ඇමෙරිකාව උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

ඇමෙරිකාව ගත් එම උත්සාහය අසාර්ථක වූයේ යෝජනාවලිය සම්බන්ධයෙන් කළ ඡන්දය විමසුමේදී තුනෙන් දෙකක බලය හිමි නොවුණු නිසාය. පලස්තීන හමාස් සංවිධානය මර්දනය කිරීමේ අරමුණින්, ඊශ්‍රායලය දිගින් දිගට කළ බලපෑම් මත ඇමෙරිකාව එම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් මැදිහත් වූයේ එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී නිකී හේලිය. එම යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 87 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර විරෝධය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළේ රටවල් 57 කි. රටවල් 33 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියේ යැයි පැවැසෙයි. එම රටවල් සහ විරෝධය දැක්වූ රටවල් අනුව සලකා බැලීමේදී යෝජනාව සම්මත කර ගැනීමට ඇමෙරිකාවට නොහැකි විය