Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

ලංවීමේ අලාභය කෝටි 4923 ක්

ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 4923 ක විශාල අලාභයක් වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

රු.138 කින් ගෑස් බහී

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළ දමා තිබේ.

ලෝක සාම දර්ශකයේ 67 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ  67 වන ස්ථානයයි.

ලිපි ලක්ෂ 50ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසේ

තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි ලබන බදාදා වන විට බෙදා අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තවත් සරණාගත නැවක් 100 ක් සමග අතුරුදන් වේ

මධ්‍යධරණි මුහුදේ ගිලුණු සරණාගත නැවක සිටි කුඩා බිලිඳුන් තිදෙනකුගේ සිරුරු හමුවුණු බව ලිබියානු වෙරළාරක්ෂකයෝ කියති.

පාකිස්ථාන තලේබාන් සංවිධානයට නව නායකයෙක්

පාකිස්ථාන තලේබාන් සංවිධානයේ හිටපු නායකයා ඇමරිකානු සහ ඇෆ්ගන් හමුදා ක්‍රියාත්මක කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියයෑමෙන් පසු ඊට නව නායකයෙකු පත් කරගෙන තිබෙනවා.

ඉරානයට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

තමන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුවද ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට උත්සාහ කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට ඇමරිකාව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

චීනය ලෝකයේ ප්‍රමුඛත්වය ඉල්ලයි

ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනය පෙරමුණ ගත යුතු බව ජනාධිපති ෂී ජින් පිං පවසයි. වියට්නාමයේ - හැනෝයි නුවරදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

සෞදි කාන්තාවන් මැදියම් රැයේ වීථි බසී

සෞදි රජයේ කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඉවත් කිරීමත් සමඟ රාත්‍රියේ කාන්තාවන් රැසක් එරට ප්‍රධාන නගරවල වීථිවලට පිවිසි බව විදෙස් වාර්තා පසුගියදා සඳහන් කළා.

යුරෝපා සංක්‍රමණික ප්‍රශ්නය විසදීමේ අරමුණෙන් සමුළුවක්

සංක්‍රමණික ප්‍රශ්නය විසදීම සදහා යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර ද්වීපාර්ශ්වික හෝ ත්‍රෛයිපර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමට තමා අනුබල දෙන බව ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් මහත්මිය පවසයි.

චීන - යුරෝපා ඉහළ පෙළේ ආර්ථික හා වෙළෙඳ සාකච්ඡා බෙයිජිංහිදී

7 වැනි චීන - යුරෝපා ඉහළ පෙළේ ආර්ථික හා වෙළෙඳ සංවාදය පැවැත්වේ. චීන උප අගමැති Liu He මහතා සහ යුරෝපා කොමිසමේ නියෝජ්‍ය සභාපති katanine මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංවාදය බෙයිජිංහිදී පැවැත්විණ.

Monday, June 25, 2018

ගිම්හාන සමයේ දිවා විවේකය අනිවර්යයි

එළැඹෙන ගිම්හාන සමයේ දී එලිමහනේ වැඩ කරන සේවකයන්ට දිවා විවේකය ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතු යැයි බහරේන රජය එරට සමාගම්වලට අවවාද කර තිබේ.

රාජ්‍ය වෙබ් අඩවි ජාලය ශක්තිමත් කෙරේ

හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.

ට්‍රම්ප් - කිම් හමුවට සිංගප්පුරු ඩොලර් මිලියන 16.3 ක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැවැති හමුවට සිංගප්පූරු ඩොලර් මිලියන 16.3ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 12ක්) වැය වූ බව සිංගප්පූරුව නිවේදනය කර තිබේ.

අනුරාධපුර පාසල් කිහිපයක් 26 වැනි දින සිට වැසේ

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් 26 වැනි දින සිට 29 වැනි දින දක්වා දින 04 ක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

තුර්කි මහ මැතිවරණය පැවැත්වේ

ජනාධිපති තායිප් එර්ඩෝගන් තවත් පස් වසරක් සඳහා බලය අපේක්ෂා කරන තුර්කි මහ මැතිවරණය 24 වැනි දින පැවැත්විණ.

උතුරු කොරියාවට යළිත් සම්බාධක

උතුරු කොරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළිත් පනවා තිබේ.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම රැක ගැනීමට යුරෝපය මැදිහත් වේ

යුරෝපය විසින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීමේ සැලසුම් මාලාවක් ඉදිරිපත් කරනු ඇති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යයවරයා ප්‍රකාශ කරයි.

ඉරාකයේ සන්ධාන රජයක්

සන්ධාන රජයක් පිහිටුවීමට ඉරාක ජනපති හා මුස්ලිම් ෂියා කණ්ඩායමේ නායකයා තීරණය කරයි.

සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයකින් දිවි ගළවා ගනී

සිම්බාබ්වේ බුලවායෝ නගරයේ පැවති ජන රැළියකදී එරට නව ජනපති එමර්සන් මනන්ග්වා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දිවි ගළවා ගනී.

ට්‍රම්ප් සහ එලිසබෙත් රැජින අතර හමුවක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලිසබෙත් රැජින හමුවීමට නියමිත බව බ්‍රිතාන්‍යයේ ඇමරිකා තානාපති රොබට් වුඩ් සදහන් කර ඇත.

Sunday, June 24, 2018

සංක්‍රමණික කඳවුරු තැනීමට ඇමරිකානු නාවික හමුදාවෙන් සැලසුම්

ජනපති ට්‍රම්ප් විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමඟ, එලෙස අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී සංක්‍රමණිකයන් රදවා තැබීම සඳහා, විශාල කදවුරු සකස් කිරීමට ඇමරිකානු නාවික හමුදාව සැලසුම් කර ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.

කොටස් වෙළදපොළ පහළට

කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක 23 වැනි දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් විය.

වතු පවුල් 500කට ඉඩම් අගමැති ප්‍රධානත්වයෙන්

වතු කම්කරු පවුල් පන්සියයක් සඳහා ලබන ජූලි පළමුවැනි දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පර්චස් හත බැඟින් ඉඩම් කැබලි පන්සියයක් පිරිනමන බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය.

ඇමරිකා - දකුණු කොරියා යුද අභ්‍යාස තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්

ඇමරිකාව හා දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිත වූ ඒකාබද්ධ යුද අභ්‍යාස දින නියමයක් නොමැතිව තාවකාලිකව අත්හිටුවන බව, ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.

දකුණු කොරියානු නායකයා හා රුසියානු නායකයා අතර හමුවක්

කොරියානු අර්ධද්වීපයේ සමතයකට පත්වූ ගැටළුකාරී තත්වය දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට හැකි උපරිම සහය ලබා දෙන බව රුසියාව පවසයි.

කොරියානු යුද්ධයෙන්, බෙදුණු පවුල් නැවත එකතු කිරීමට දෙරටේ නායකයින් එකඟ වේ

කොරියානු යුද්ධය නිසා බෙදුණු පවුල් නැවත එකතු කිරීම සඳහා උතුරු සහ දකුණු කොරියානු නායකයෝ සාකච්ඡා පවත්වයි. ඒ උතුරු කොරියාවේ කුම්ගන්ග් කඳුකර ප්‍රදේශයේදී.

ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක්

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු වේ. මේ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා ඇත.

පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට දෙසැම්බර් මාසයේදී

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වේ. මේ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දේශීය කර්මාන්තකරුවන්ට බදු සහන

දේශීය කර්මාන්ත විනාශවීමට ඉඩනොදී නඟා සිටුවීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

රුපියල ප්‍රකෘතිමත් වෙයි

වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වූ රුපියලේ අගය ඊයේ යළි ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබේ.

Friday, June 22, 2018

මිසයිල යුද අභ්‍යාස නතර කිරීමට ජපානය තීරණය කරයි

උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ආරක්ෂා වීම සඳහා වාර්ෂිකව පවත්වන ‘මිසයිල යුද අභ්‍යාස’ නතර කිරීමට ජපානය තීරණය කර ඇතැයි වාර්තා වේ.

කැනඩාව ගංජා නීතිගත කරයි

ගංජා භාවිත කිරීම නීතිගත කිරීමට කැනඩා පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබේ. එරට සෙනෙට් සභාවේ දී මෙම ඓතිහාසික පනත 52ට 29ක් ලෙසින් සම්මත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සාගින්නෙන් පසුවන සංඛ්‍යාව ඉහළට

ලොව සාගින්නෙන් සිටින පිරිස නැවතත් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  පෙන්වා දේ. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එළිදැක් වූ “2018 තිරසර සංවර්ධන ඉලක්ක” පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් විය.

මානව හිමිකම් කවුන්සිලය ඇමරිකාව වෙනුවට වෙනත් රටක් නම් කිරීමට සූදානම්

ඇමරිකාව වෙනුවට නව සාමාජික රටක් පත් කරනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

Thursday, June 21, 2018

සයිටම් සිසුන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කර අවසන් වූ පසු සයිටම් වෛද්‍ය පීඨය අහෝසියි

සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහනය කොට අවසන් වූ පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි වන බවත් ඒ සඳහා සංශෝධන ගෙන එන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපකෂ මහතා පවසයි.

දකුණු කොරියාවේ විශාලතම විනිමය හුවමාරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක්

දකුණු කොරියාවේ විශාලතම විනිමය හුවමාරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හඳුනාගත් ඉලක්ක 25 ක් වෙත මෝටාර් සහ ෂෙල් වෙඩි ප්‍රහාර

පලස්තීන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඊශ්‍රායල ප්‍රහාරක යානා විසින් ගාසා තීරයේ හඳුනාගත් ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරකින් 190ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ ජලාශයක සිදු වූ බෝට්ටු අනතුරකින්190කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට පොලීසිය නිවේදනය කළේය.

කොරියානු යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ භස්මාවශේෂ ඇමරිකාවට

උතුරු කොරියාව “කොරියානු යුද්ධයේදී” අතුරුදන් වූ පුද්ගලයන් ද ඇතුළුව ඇමරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භස්මාවශේෂ ඇමරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරනු ඇතැයි ඇමරිකා නිලධාරිහු පවසති.

ඉස්සන් වගාවට ඉන්දිය සමාගමක් සුදානම්

විදේශයන්ගේ විශාල ඉල්ලුමක් පවතින ඉස්සන් වගාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් කැමැත්ත පල කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයට හිමිකම් ඔප්පුවක්

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය සඳහා වර්තමාන නීතිමය තත්ත්වයන්ට සමපාත වන අන්දමින් නිසි පරිදි මායිම් සටහන් කළ සින්නක්කර ඔප්පුවක් ප්‍රදානය 20 වැනි දින සිදුකෙරුණ.

පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට දෙසැම්බරයේ

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමරිකානු රැප් ගායක ජහේෂ් ඔන්ෆ්‍රෝයි වෙඩි තබා ඝාතනය කෙරේ.

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93 හිමිවේ

හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වන මුදල චයිනා මර්චන්ට් ‍පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දේ.

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කෙරේ.

ලොව වයස්ගතම ඔරන්උටන් මියයයි

ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්උටන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

Wednesday, June 20, 2018

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50යි

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය එළිදැක්වූ වාර්තාවේ සඳහන් වන බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධියට ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ට්‍රම්ප්ගෙන් අභ්‍යාවකාශ හමුදා බලකායක්

ඇමරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.