Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

“ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් කෙරේ

ඇන්ගෙලා මර්කෙල්ගේ “ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් කරගැනෙන ඡන්ද විමසීම 7 වැනි දින පැවැත්විය.
දැනට පක්ෂයේ මහලේකම් ධුරය දරණ ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර් පක්ෂ නායක සටනෙන් ජය ගත්තේ, ප්‍රතිවාදී ෆ්‍රෙඞ්රිච් මර්ස්ය පරාජය කරමිනි. ඇන්ගෙලා මර්කෙල්ගේ සහාය හිමි වූයේ ද ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර් හටය. කෙසේ වුවත් 2020 වන තෙක් ඇන්ගලා මර්කල් ජර්මන් චානසලර් ලෙස කටයුතු කරන්නීය.