Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

ආන්දෝළනයක් මතු කළ ‍පුටින්ට ට්‍රම්ප්ගෙන් ලැබුණු ඇමතුම

සියයට 76කට අධික බහුතර ඡන්ද ප්‍රතිඵලයක් සමඟ නැවත වරක් රුසියාවේ ජනාධිපතිධුරයට පත්වූ ව්ලැඩ්මීර් පුටින් හට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සුභපැතුම් එක්කර තිබේ.

FBසමාගමට එල්ල වු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය භාවිත කරන මිලියන 50 කට වැඩි පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත දේශපාලනික වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනා සම්බන්ධව අමෙරිකාව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඵලදායී සහයෝගතාව පුළුල් කිරීමට චීනය හා පිලිපීනය එක්වේ

චීන විදේශ ඇමති වං යී මහතා පිලිපීන විදේශ කටයුතු පිළිබඳ ලේකම් Alan Peter Cayetanoමහතා බෙයිජිහිදී හමු විය. දෙරටේ සබඳතා මෑත වසර කිහිපය තුළ ඉතා වැදගත් අවධියට පිවිස ඇති බව ඔවුහු අවධාරණය කළහ.

අන්තවාදී අදහස් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම‍ට ඉඩදිය නොහැක - ජගත් මහලේකම්

අන්තවාදී අදහස් සමාජයේ සාමාන්‍ය තත්ත්වයට පත්කර නීත්‍යනුකූල බවක් ලබා දීමට ඉඩදිය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා පවසයි.

ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය අවම පොලී මිණුම් අගය ඉහළ නංවයි

ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය අවම පොලී මිණුම් අගය ඉහළ නංවයි. එම අගය ඒකක 25කින් ඉහළ නංවා ඇති බව ඇමෙරිකානු ෆෙඩරල් විවෘත වෙළෙඳ පොල කොමිසම මුදල් ප්‍රතිපත්ති පිළිබඳ දෙදින සමුළුවක් පැවැත්වීමෙන් පසු ප්‍රකාශ කළේ ය.

පකිස්තානය අතර නව අවබෝධතා ගිවිසුමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය හා පකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි.

චීනයේ ඇතැම් භාණ්ඩ සඳහා ඇමෙරිකාව පණවා ඇති ප්‍රති‍විරෝධී ආනයන බදු තම රෙගුලාසීන්ට පටහැනි බව ලෝක වෙළඳ සංවිධානය කියයි

වාර්තාවක් නිකුත් කරමින් ලෝක වෙළඳ සංවිධානය මේ බව සඳහන් කර ඇත. ඇමෙරිකා උපයෝජන තුන් වන රටක මිළ ගණන් යටතේ තක්සේරු කර චීන අපනයන කරුවන්ට වාසි සැලසීමක් ලෙසට ගැනීම ද ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට පටහැනි බව එම වාර්තාවේ දැක්වේ.

ඇමරිකාවේ, උතරු කොරියාවේ හා දකුණු කොරියාවේ නියෝජිතවරු අතර නිල නොවන සාකච්ඡාවක්

ඇමරිකාවේ, උතරු කොරියාවේ හා දකුණු කොරියාවේ නියෝජිතවරු පින්ලන්තයේදී නිල නොවන සාකච්ඡාවක් පවත්වති. එම සාකච්ඡාව පසුගිය 20 වැනි දා සිට 21 වැනි දා දක්වා දකුණු පින්ලන්තයේ පිහිටි Vantaa නගරයේදී පැවැත්විණ.

Thursday, March 22, 2018

ලෝක ජල දිනය අදයි

“සොබාදහමේ පදනම ජලයයි” මෙවර ලෝක ජල දිනයේ තේමාව වේ. ලෝක ජන ගහනයෙන් හරි අඩක් එනම්, බිලියන 6.3 ක් මේ වන විට ජල හිඟයකට මුහුණදෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සමග පැවැති තරගයෙන් පාකිස්ථානු කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 69ක ජයක්

සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවති පළමු එක් දින තරගයෙන් ලකුණු 69 ක ජයක් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

තොරතුරු පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක්

තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගැනේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මේ බව පැවසීය. එම ඒකකය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටුවීමට නියමිතය.

අමෙරිකාවේ පාසලක යළි වෙඩි තැබීමක්

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අමෙරිකාවේ මේරිලන්ඞ් ජාත්‍යන්තර උසස් පාසලේ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එහිදී 16 හැවිරිද ගැහැණු ළමයෙකු සහ 14 හැවිරිදි පිරිමි ළමයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 26ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇත.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ලංකාවට ඉහළ අහසේ

ලොව මෙතෙක්‌ මිනිසා විසින් වැඩිම වියදමක් දරමින් නිමවන ලද සුවිශේෂිතම ඉංජිනේරු තාක්‌ෂණික උපකරණය වන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station - ISS) අද සවස ශ්‍රි ලංකාවට ඉහළින් ගමන් කිරිමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (22) පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි

ඒ පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන්ගේ ආරාධනයකට අනුව 23 වැනි දින පැවැත්වෙන එරට ජාතික දිනයට සහභාගීවීම සඳහාය.

ආර්ථිකයේ යහපත් වර්ධනයක් - මහ බැංකු අධිපති

රටේ ආර්ථිකය යහපත් වර්ධනයක් අත්කරගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අපනයන ක්ෂේත්‍රය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ පැවති වැඩමුළුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.

ත්‍රස්ත විරෝධී නව පනත කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සලයට

ත්‍රස්ත විරෝධී නව පනත කෙටුම්පත් කිරීමේ කටයුත්තෙහි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට වෙත භාර දෙයි.

තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්ට එරෙහිව පියවර ගැනේ

පරිසර හිතකාමී පොලිතීන් ලෙස හඳුන්වාදෙමින් තහනම් කර ඇති ආකාරයේ පොලිතීන් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මිල අධිකම රත්‍රං චොක්ලට් නිෂ්පාදනය කෙරේ

ලොව මිල අධිකම චොක්ලට් පසුගියදා වෙළෙදපොළට නිකුත් කිරීමට පෘතුග්‍රීසිය සමත් විය. එහි මිල අමෙරිකානු ඩොලර් 9,500කට ආසන්නය. මෙහි විශේෂත්වය වන්නේ ඉතා දුර්ලභ අමුද්‍රව්‍ය සහ ආහාරයට ගැනීමට හැකි රත්‍රං ද මීට ඇතුළත් කර තිබීමය.

ලෝක කුසලානයට කොදෙව්වන් හා සිම්බාබ්වේ පිළ තියුණු සටනක

2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී සිම්බාබ්වේ පිළ පරදා කඩුළු 4ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය පිළ සමත් විය. තරඟය පැවැත්වුනේ බංග්ලාදේශයේ හරාරේ ක්‍රීඩාංගණයේදීය.

2020 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට සැලසුම් කෙරේ

2020 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට සැලසුම් කෙරේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Wednesday, March 21, 2018

ඇවන්ගාර්ඩ් අවි ගබඩාවට අල්ලස් ගැනීම පිළිබද සාක්‍ෂි විමසීම ලබන ජූනි 26

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදීමට ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හා ලබාදීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීණ්දු කර ඇත.

ශ්‍රී ලංකාවේ වන ගහණය ඉහළ නැංවීමේ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ පවතින වන  ගහණය ඉදිරි කාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වන ගහණය සියයට 29.7%කි.

සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 116 වැනි තැන

ලෝකයේ සතුටින් සිටින දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරට වඩා කාණ්ඩ 4 කින් ඉදිරියට පැමිණ තිබේ. 2018 වසරේ රටවල් 156 අතරින් ශ්‍රී ලංකාව පසුවූයේ 116 වැනි ස්ථානයේය. ලෝක සතුටු දර්ශකය හෙවත් world happiness index වාර්තාව සකස් කෙරෙන්නේ 2012 වසරේ සිටය.

චීන - රුසියානු ජනාධිපතිවරුන් දුරකථනයෙන් සංවාදයක

චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි. එම අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපතිවරණය සාර්ථක ව පැවැත්වීම පිළිබඳ ව සුභ පැතුම් එක් කළ අතර ව්ලැඩ්මීර් පුටින් මහතා යළි වරක් එරට ජනාධිපති ධුරයට පත් වීම කෙරෙහි ද සුභ පැතුම් පිරිනැමීය.

Tuesday, March 20, 2018

විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි

ජාත්‍යන්තර වශයෙන් චීනය ක්‍රියාත්මක කරන විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චින අග්‍රාමාත්‍යවරයා පවසයි. චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා 20 වැනි දින බෙයිජිංහිදී දෙස්-විදෙස් මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළේ ය.

දෙවැනි ලෝක යුද්ධයේ බෝම්බයක් ඉතාලියෙන්

ඉතාලියේ මධ්‍යම කලාපයේ වැඩ බිමකින් දෙවැනි ලෝක යුද සමයට අයත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත පුපුරා නොගිය බෝම්බයක් හමු වීමත් සමඟ ඒ අවට වෙසෙන 23,000 දෙනකු පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කොට ඇත. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ අත්වැරැදීමකින් හෝ එය සක්‍රිය වුවහොත් පුපුරා යාමට ඉඩ ඇති බව යි.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නිමා වේ

2018 සීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත්වේ. ඒ දකුණු කොරියාවේ පියොන්ග්චාන්ග් හී දීය. දින 10 ක් පුරා තරඟාවලිය පැවැත්විණ. රටවල් 49 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 567 ක් පමණ මෙවර තරඟාවලියට සහභාගී වීම විශේෂත්වයකි. මෙවර ක්‍රීඩා උළෙලට විශාලතම කණ්ඩායම ඉදිරිපත් කරනු ලැබුයේ ඇමරිකා එක්සත් ජනපදය විසින්ය.

G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකුවල ප්‍රධානීන්ගේ සමුළුව ආජන්ටිනාවේදී

G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකුවල ප්‍රධානීන්ගේ සමුළුව ඇරඹේ. දින දෙකක් පුරා පැවැත්වෙන එම සමුළුව ආජන්ටිනාවේ බුවනෝස් අයිරේස් අගනුවරදී ආරම්භ විය.

මහනුවර සහ අම්පාර සිදුවීම පිළිබද අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහනුවර සහ අම්පාර ආශ්‍රිතව සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග හා ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇති වීම වලක්වාගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමේ මූලීක සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව 2018 පෙබරවාරි මාසය තුළ දී දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එය 2017 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ එක්ලක්ෂ අනූහත්දහස් පන්සිය දාහතක සංචාකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 19.3 ක වර්ධනයකි.

විද්‍යාපීඨ කඩඉම් ලකුණු නිකුත් වේ

2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍ර‍තිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යපීඨයන්හි ඉදිරියේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

තායිවානය හා සම්බන්ධතා පැවැත්වීමේ ඇමෙරිකානු පනතට චීනයේ දැඩි විරෝධය

ඇමෙරිකාව අත්සන් තැබූ තායිවානය හා සම්බන්ධතා පැවැත්වීමේ පනත චීනය දැඩි ලෙස හෙළා දකී. චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක වූ ච්‍යඇන් මහතා පැවසුවේ තායිවානය චීනයේ කොටසක් වන අතර එම ගැටළුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවයි.

රුසියාවෙන් බ්‍රිතාන්‍යයටත් පිළිතුරක්

බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා පිහිටුවල් කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සදහන් කරයි.

රජයේ රෝහල්වලින් රෝගීන්ට බිල්පතක්

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා ඉදිරියේදී බිල් පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක්

මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත. නාරා ආයතනය පැවසුවේ එලෙස ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ගවේෂණයක් සිදු වන්නේ වසර 38 කට පසුව බවයි.

ශ්‍රී ලංකාවේ ධීවර පවුල් පිළිබඳ සංගණනයක් සිදු කිරීමට පියවර

ධීවර පවුල් පිළිබඳ සංගණනයක් සිදු කිරිමට ධීවර අමාත්‍යංශය තීරණය කරයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර දෙපාර්තමේන්තුවට මීට අදාළ උපදෙස් ලබාදී ඇති බව ධීවර අමාත්‍යංශය සදහන් කරයි. මීට පෙර මෙරට තුළ ධීවර සංගණනයක් සිදු කර ඇත්තේ 1976 වසරේදී ය.

පළාත් පාලන ආයතන 170ක් පිහිටුවීමට පියවර

20 වැනි දිනෙන් පසු පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිමේ හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වය තවත් ඉහළට

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේදී තවත් පාර්සල බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. එම පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් තුළ රැදී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Monday, March 19, 2018

ව්ලැද්මීර් පුටින් යළිත් රුසියාවේ ජනාධිපති ලෙස තේරී පත්වේ

රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ව්ලැද්මීර් පුටින් යළි සමත්වේ. ඔහු ජනාධිපති ධුරයට පත්වු සිව්වන අවස්ථාව මෙයයි. අඛණ්ඩව එම ධුරයට පත් වු දෙවන අවස්ථාව ද මෙයවීම විශේෂත්වයකි. ඊයේ පැවති ජනාධිපතිවරණයේ දී ඔහු සියයට 76ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

නිදහස් කුසලානයේ ජය ඉන්දියාවට

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය කඩුලු 4 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 166ක් රැස් කළේය.

හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් කරයි

හදිසි නීති තත්ත්තවය ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා තිබේ. 17 වැනි දින රාත්‍රී දිවයිනට පැමිණි ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනයට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවතට

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඒ අනූව එම ධුරය සඳහා ට්‍රම්ප්ගේ සමීපතයෙකු නම් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීනයේ ගු වන් යානයක් කඩාවැටී 10ක් ජීවිතක්ෂයට

පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

VPN නිසා පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයක

අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති. පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළහ.

ගූගල් සමාගම විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීමට එරෙහි වේ

ක්‍රිප්ටෝකරන්සීස් එසේත් නොමැති නම් ඩිජිටල් මුදල් යනුවෙන් හඳුන්වන විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම මෙලෙස නවතා ඇති බව සදහන්වේ.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයෙන් සිදුවන ගණුදෙනුවලට නව නීති

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ගණුදෙනු සඳහා නව නීති රාමුවක් හදුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. ශ්‍රි ලංකාව තුළ ඊ - කොමස් සම්බන්ධයෙන් දැනට පවතින නීති රෙගුලාසි දුර්වල වීම හා ඒ සම්බන්ධව හොඳින් ක්‍රියාත්මක වන නියාමන රාමුවක් නොතිබීම ගැටලුවක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දේ.

කච්චතිව් දුපත හා ඒ අවට නාවික හමුදාව සිතියම් ගත කරයි

කච්චතීව් දුපතේ වට ප්‍රමාණය හා ඒ  අවට මුහුදු සීමාවේ ගැඹුර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක  විද්‍යා අංශය මගින් පළමු වරට සිතියම් ගත කරයි. එය පසුගියදා එළි දැක්වීය.