Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරියේදී යාපනයට

ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.

මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු දෙවන ක්‍රියාන්විතය වන ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු ජලාශය අක්කර 21,000ක භූමි ප්‍රමාණයක ඉදි කර තිබේ. ඉරණමඩු ජලාශය යුධ සමයේ අඩාල වූ වාරි කර්මාන්තය සහ ජන ජිවිත යලි ගොඩනැගීමේ අරමුණ මූලික කර ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 2000කට වැඩි වියදමක් සිදු කර තිබේ.