Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 21, 2018

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ඇගයීම්

වසර 80ක පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ වැඩිම පදක්කම් ප්‍රමාණය වාර්තා වූ මෙවර ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එම කීර්තිය මවුබිමට ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.



සත්කාරක ඔස්ට්‍රේලියාවට සමස්ත ජය අත්කර දෙමින් 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 15 වැනි දින රාත්‍රීයේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවට පත් විය. රන් පදක්කම් 80ක් සහ සමස්ත පදක්කම් 198 ක් සමගින් ඔස්ට්‍රේලියාව පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර, දෙවන ස්ථානය හිමි කරගත් එංගලන්තය රන් පදක්කම් 45ක් සමගින් සමස්ත පදක්කම් 136ක්ද, තෙවැනි ස්ථානය හිමි කරගත් ඉන්දියාව රන් පදක්කම් 26ක් සමගින් සමස්ත පදක්කම් 66ක් ද හිමි කරගන්නට සමත් විය. ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සමස්ත පදක්කම් 6ක් හිමි කරගත් අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය තුල ශ්‍රී ලංකාව මෙතෙක් හිමි කරගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක් විය. මෙවර ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ හිමි වුයේ 31වැනි ස්ථානයේය. මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 වසරේ එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතය.