Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

2018 ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවේ - වැනෙසා පොන්ස් ඩි ලියොන්

මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදුවේ මෙක්සිකෝ රූ රැජිනයි. චීනයේ හයිනෑන් නගරයේ සන්‍යා හිදී මෙවර ලෝක රූ රැජින තරගය පැවැත්විය.

වැනෙසා පොන්ස් ඩි ලියොන් නැමති 26 හැවිරිදි ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක් මෙන්ම ස්වේච්ඡා සේවිකාවක්ද ලෙස කටයුතු කරන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර ලෝක රූ රැජින තරගාවලියේ අනුශූරතාව තායිලන්ත රූ රැජිනට හිමිවූ අතර, තුන්වන තැන දිනාගත්තේ බෙලරූස් ජනරජයේ රූ රැජිනයි.  ජැමෙයිකා සහ උගන්ඩා රූ රැජිනියන් එහි හතරවන සහ පස්වන ස්ථාන දිනාගත්තේය. බටහිර පොප් සංගීත කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවති මෙම වර්ණවත් අවසන් මහ තරගයේදී ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවූයේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ ඉන්දියාවේ මනුෂි චිල්ලාර් විසිනි.