Social Icons

facebookrss feedemailtwitter

Saturday, December 8, 2018

තීන්දුව කල් තබයි …පෙත්සම් විභාගය අවසන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අවසන් කල සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.

ජනධිපතිගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තීන්දුව ලබා දෙන දිනය තුළ බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට නියෝග කර ඇත. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති. දින හතරක් පුරා පැවති විභාගය අවසන් කිරීමෙන් පසුව අධිකරණය ඊයේ(07) මෙම නියෝගය ලබා දුන්නේය.