Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

සඳ ගවේෂණයට චීනයෙන් ගවේෂණ යානයක්

මෙතෙක් ගවේෂණයට ලක් නොවූ ස‍ඳෙහි නොපෙනෙන ප්‍රදේශය ගවේෂණය කිරීම සඳහා Chang’e – 4 මෙහෙයුම චීනය දියත් කරයි. මෙය සඳ ගවේෂණය පිළිබඳව නව පරිච්ඡේදයක ඇරඹුමකි.

Long March - 3B රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍ර ගවේෂණ විශේෂ යානය නිරිතදිග චීනයේ ස්චුවාන් පළාතේ පිහිටි Xichang චන්ද්‍රිකා මධ්‍යස්ථාන‍යේ සිට සෙනෙසුරාදා උදෑසන දියත් කෙරිණ. චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කළේ, මෙම යානයෙන් සඳේ පාෂාණ සහ පාංශු කොටස් තවදුරටත් ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරෙන බවයි. චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහන තුළ අන්තර්ජාතික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය සහ සෞදි අරාබියේ විද්‍යාඥයින්ගේ සහය මෙම Chang’e – 4 මෙහෙයුම සඳහා ලැබී තිබේ. මෙය Long March රොකට් මෙහෙයුමේ 294 වැනි ක්‍රියාන්විතයයි.