Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 21, 2018

කඩොලාන සංරක්ෂණය ශ්‍රී ලංකාවට පැවරේ

පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පොදු රාජ්‍ය මණ්ඩල 25 වන රාජ්‍ය නායක සමුළුව 19 වැනි දින ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණු අතර පස්වරුවේ පැවැති ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවේදී මේ බව ප්‍රකාශයට පත් කෙරිණි.



ඒ අනුව ලෝකයේ කඩොලාන සංරක්ෂණය පිළිබඳ සිදුකරන කාර්යයන් සොයාබැලීම සහ ක්‍රියාවට නැංවීම උදෙසා ක්‍රියාකාරී කමිටුවක් ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් නම් කිරීමට නියමිතය. 2015 වසරෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලිකත්වයෙන් ක්‍රියාවට නංවන ලද කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතින් ඉතා සාර්ථක ව්‍යාපෘතින් ලෙස ලෝකයේ අවධානයට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කඩොලාන සංරක්ෂණය පිළිබඳ ලොව ඉහළම ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.