Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ

ඇති විය හැකි දැවැන්ත කහ විරෝධතාකරුවන් ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ප්‍රංශයේ අගනුවර වූ පැරිසියේ ආරක්ෂා තත්වය තර කර ඇත.

මේ වන විට සමස්ත පැරිස් නුවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 89,000 ක් සේවය සඳහා යොදවා ඇති බවට ප්‍රංශ අගමැති එඩුවාර්ඩ් ෆිල්ප් ප්‍රකාශ කර ඇත. ඒ අනුව අයිෆල් කුළුණ හා ඒ අවට සංස්කෘතික ස්ථාන, අවන්හල් හා සුප්‍රකට කෞතුකාගාර සියල්ල වසා දැමේ. පසුගිය 01 වැනිදා කහ විරෝධතාකරුවන්ගේ දැවැන්ත උද්ඝෝෂණයේ දී සුප්‍රසිද්ධ ස්ථානයක් වූ Arc de Triomphe ස්ථානය විනාශ කර දැමීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.