Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

යේමන් සාම සාකච්ඡා ස්වීඩනයේ දී ඇරඹේ

වසර 4 ක් තිස්සේ පැවති යේමනයේ සිවිල් යුද්ධය අවසන් කරමින් හූති සටන් කාමීන් හා යේමන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු යටතේ සාම සාකච්ඡා ඇරඹීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි ප්‍රථම වටය ස්වීඩනයේ දී ආරම්භ විය. මෙහි ප්‍රධාන දූතයා වන මාටින් ග්‍රිෆිත් විසින් ආරම්භයේ දී සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩ සටහනක් ඇරඹීමට තීරණය කර ඇත. මෙම සාකච්ඡා හරහා රතු මුහුදට ආසන්න Hudaydah වරායේ හූති සටන්කාමීන් විසින් බලෙන් රඳවා සිටින රැඳවියන් දහස නිදහස් කර ගැනීමට අපේක්ෂා කරයි. නමුදු තවමත් හූති සටන්කාමීන් ගේ පාලන මධ්‍යස්ථානය වන “සානාන්” වෙත පැමිණීමට කිසිදු නියෝජිතයෙක්ට අවසර දී නොමැත.