Social Icons

facebookrss feedemailtwitter

Monday, December 3, 2018

කාසල්රි ජලාශයට ඉන්ධන මුසුවේ

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව ජලාශ භාර ආරක්ෂක අංශ කියා සිටී.

එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන අතර, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු එම තෙල් තට්ටු කැළණි ගගට එක්වේ. කෙසෙල්ගමුඔය මේ දිනවල නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පුළුල් කිරිම සිදුවන අතර කාසල්රි ජලාශයට ජලය ගලා බසින ගංගා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්ත ශාලා ගණනාවක්ද පිහිටා තිබේ.කාසල්රි ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග සහ ගංගා වලට මෙසේ ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරිම නිසා කාසල්රි ජලාශයට තෙල් තට්ටු වශයෙන් ගලා එන බව ආරක්ෂක අංශ පවසයි. ජලාශයට තෙල් ගලා ඒමෙන් ජලාශයේ මත්ස්‍යයින්ට දැඩි බලපැමක් එල්ල වන බව ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි පවසයි.