Social Icons

facebookrss feedemailtwitter

Friday, April 20, 2018

ක්‍රිකට් වලට සමුදුන් එංගලන්තයේ වීරයා

ක්‍රිකට් උපන් දේශය ලෙස සැලකෙන එංගලන්තයෙන් බිහිවූ සුපිරිතම හා ලෝකප්‍රකට පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් පසුගිය දා සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.


1980 වර්ෂයේ ජුනි මස 27 වනදා දකුණු අප්‍රිකාවේ පීටර්මැරිට්ස්බර්ග් හීදී උපත ලද කෙවින් පීටර් පීටර්සන්, දකුණු අප්‍රිකාවේ පැවති ජාතිවාදී අර්බුදය හේතුවෙන් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට ඇතුළත්වීමේ වරම් අහිමිය. පසුව 2000 වසරේදී එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවීමත් සමඟ පීටර්සන් එංගලන්තය බලා පැමිණ ඔහුගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය යුගය එංගලන්තයෙන් ආරම්භ කිරීමට වරම් හිමිකර ගත්තේය.

ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට කෙවින්පීටර්සන් එක්දින තරඟ 136කදී ලකුණු 4440ක් රැස් කර ඇත්තේ ශතක 9ක් හා අර්ධ ශතක 25ක්ද සමගිනි. ටෙස්ට් තරඟ 104කදී එංගලන්තය වෙනුවෙන් ලකුණු 8181ක් ලබා ඇති පීටර්සන් එහිදී ශතක 23ක් හා අර්ධශතක 35ක් රැස් කර තිබේ. පන්දුවාර විස්සයි විස්ස තරඟ 37කට සහභාගීවී ලකුණු 1176ක් රැස් කර ඇති ඔහු එහිදී අර්ධ ශතක 7ක් රැස්කර තිබෙනවා.