Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ඇමරිකාව සිරියාවේ කැරළිකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට රුසියාවෙන් චෝදනා

සිරියානු රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම් සිදුකරන ක්‍රියාවන් ඇමරිකාව නීත්‍යානුකූල කරමින් පෙනී සිටින බවට රුසියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.

පසුගියදා සිරියාවේ උතුරු ඇලෙප්පෝ ප්‍රදේශයේ ඇති වූ රසායනික අවි ප්‍රහාරය රාජ්‍ය විරෝධී සන්නද්ධ කැරළිකරුවන් විසින් එල්ල කරන ලද්දක් නොවූ බව පසුගියදා ඇමරිකානු රාජ්‍ය මණ්ඩලය ප්‍රකාශ කළේය. ඔවුන් කියා සිටියේ එය සිරියානු රාජ්‍ය හමුදාව විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයක් බවයි. ඒ අනුව මෙවැනි ප්‍රකාශ සිදු කරමින් ඇමරිකාව සිරියාවේ රාජ්‍ය විරෝධී කැරළිකරුවන් වෙනුවෙන් පෙනී සිටින බව රුසියාවේ තර්කයවී තිබේ. එම රසායනික අවි ප්‍රහාරයෙන් සිරියාවේ නැගෙනහිර කලාපයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ‍බොහෝ පිරිසක් තුවාල ලැබීය. මෙම සිදුවීම හා පවතින සත්‍ය වසන් කිරීමෙන් ජගත් ප්‍රජාවේ අවධානය වෙනත් දිශාවකට හැරවීමට ඇමරිකාව උත්සහ කරන බව රුසියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.