Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

පාර්ලිමේන්තුවේ අලාභය රු. 260,000ක්

පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කරයි.

මයික්‍රොෆෝනවලට සිදුව ඇති අලාභය රුපියල් 230,000 ඉක්මවයි. සභාගර්භය වටා ඇති කණු දෙකකට හානි සිදුව ඇති අතර ඒ සඳහා රුපියල් 30000ක් පමණ වැය වන බවට තක්සේරු කර තිබේ. පාර්ලිමේන්තු ඉන්ජිනේරු අංශය මගින් මෙම තක්සේරු කිරීම් සිදු කර ඇතැයි ද පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ ය.