Social Icons

facebookrss feedemailtwitter

Friday, April 20, 2018

කෙන්යාවේ Ol Pojeta ස්වාභාවික සංරක්ෂිතයේ රැක බලාගත් ලොව අවසාන පිරිමි සුදු රයිනෝ මියගිය බව වාර්තා විය. Sudan නමින් හැඳින්වූ එම රයිනෝගේ වයස අවුරුදු 45 කි. මේ පිරිමි රයිනෝ මියයන විට දැඩි රෝගී තත්වයෙන් පසුවිය.



දැනට Ol Pojeta ස්වාභාවික සංරක්ෂිතයේ ජීවත්ව සිටින Najin හා Fatu මේ වන විට ලොව ඉතිරිව ඇති අවසාන ගැහැණු සුදු රයිනෝ සත්වයින් දෙදෙනා වේ . Sudan ගේ මරණය සමග සුදු රයිනෝ සත්වයින් ලෝකයෙන් වඳවී යන බව කාගේත් කණගාටුවට හේතු වන කරුණක් වී තිබේ.