වසර 1300ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් කිහිපයක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සොයා ගෙන තිබේ. පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ආසන්න පිහිටි සත්වෝද්‍යානයක් අසළ පිහිටි සොහොන් බිමකින් මෙම අස්ථි කොටස් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
Friday, April 27, 2018
සිරියානු අර්බුදය දේශපාලනිකව විසදිය යුතුයි
සිරියාවේ පවතින අර්බුදය නිරාකරණය කිරීමේ එකම හා ඵලදායී විසඳුම දේශපාලනය බව චීන රජය පවසයි. යුදමය ක්‍රමවේද භාවිත කිරීම හෝ යුදමය අතින් තර්ජන කිරීම් සඳහා සිය විරෝධය දැක්වීම, චීනය ලෝකය හමුවේ ක්‍රියාත්මක කර ඇති යහපත් ජාත්‍යාන්තර සබඳතාවේ තිරසර ආකල්පයකි.
6 වැනි ඉන්දීය සාගර නාවික හමුදා සමුළුව ඇරඹේ
ඉරානයේ Tehran නගරයේ දී 23 වැනි දින ආරම්භ වූ මෙම සමුළුව සඳහා රටවල් 35 කින් පැමිණි නාවික හමුදා නිළධාරිහූ සහභාගී වී සිටියහ. ඉරාන සන්නද්ධ බලකායේ ප්‍රධාන අණදෙන නිළධාරිවරයා එහිදී පැවසුවේ ඇමරිකාව විවිධ ප්‍රදේශවලදී, විශේෂයෙන්ම බටහිර ආසියාවේදී නොසන්සුන් තත්ත්වයන් ඇති කරමින් සිටින බවයි.
Thursday, April 26, 2018
මැයි 15සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලුතින් 5432ක්
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් මැයි 15දා වන විට බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ.බී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය පැවසීය.
කලපු18ක සහ වැව් 300ක ජල ජීවී නිෂ්පාදනය ඉහළ දැමේ
කලපු 18ක් සහ තෙත් කලාපයේ මිරිදිය වැව් 300ක් ආවරණය වන පරිදි ජලජ පරිසර සංරක්ෂණය හා සංවර්ධනය තුළින් ජලජීවී නිෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙයි.
දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂාවට - මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය
මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. වෙසක් පෝය සමයේ පැවැත්වෙන දන්සැල් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම ඉදිරියේදී Online ක්‍රමයට
දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කර ගනිමින් මාර්ග ගත ක්‍රමයකින් (Online System) සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර
පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය පවසයි. සබරගමුව, උතුරමැද සහ නැගෙනහිර දැනටමත් විසිරී තිබෙන අතර ලබන සැප්තැම්බර් මාසයේදී මධ්‍යම උතුර සහ වයඹ යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වන බවද ඒ අනුව එම පළාත් සභා හයේම මැතිවරණය ලබන දෙසැම්බර් මස 15 වැනිදිනට පෙර පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී දේශප්‍රිය මහතා පවසයි.
යුද සමයේ විනාශ වු වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට පියවර
යුද්දයේදී හා විවිධ හේතූන් මත විනාශ වූ උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වැව් 600 න් එක් පියවරක් වශයෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කුඩා වැව් 44 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇතැයි කිළිනොච්චිය සහකාර වාරිමාර්ග ඉංජිනේරු එස්.ආයාස්කුනම් මහතා සඳහන් කළේය.
කොළඹ නව භූ ලක්ෂණ ඇතුළත් සිතියම මැයි මාසයේ
කොළඹ නගරයේ මෑතක සිදුවූ නව භූ ලක්ෂණ ඇතුළත් අංග සම්පූර්ණ සිතියම් කාණ්ඩ හැත්තෑවක් මැයි මස අවසන් විමට පෙර එළිදක්වන බව මිනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා පවසයි. කොළඹ වරාය, නගරය ඇතුලු කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ නව වෙනස්කම් 66 ක් නව සිතියම් කාණ්ඩයේ දක්වා ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
Tuesday, April 24, 2018
මංගල උත්සවයකට ගුවන් ප්‍රහාර
යේමනයේ හජියා පළාතේ මංගල උත්සවයකට සෞදි ගුවන් හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවත්, පුද්ගලයන් විසි තුන් දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් යේමනයේ අල් මසිරා නමැති පුවත් නාළිකාව වාර්තා කර ඇත.
නිල ඇඳුම් වවුචර් වටිනාකම ඉහළට
පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පතෙහි වටිනාකම වැඩිකිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ. එහි වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
නව අභියාචනාධිකරණ විනිසුරුවන් 2දෙදෙනක් දිවුරුම් දෙයි
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු 23 වැනි දින පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය.
නිරුවතින් පැමිණි පුද්ගලයා කළ වෙඩි තැබීමෙන් සිව්දෙනෙකු මරුට
අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ අවන්හලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ටෙනෙසි ප්‍රාන්තයේ පිහිටි වොෆල් හවුස් අවන්හලට නිරුවතින් ඇතුළුවූ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පැවසේ.
ලංකාවේ නව අයෝජන අවස්ථා සොයා බලන්න පාකිස්ථානයේ ආයෝජකයින් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණේ. ඔවුන් 23 වැනි දින ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුව ඇත.
බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි පස්වැන්නාත් බිහිවෙයි
කේට් මිඩ්ල්ටන් හෙවත්, කේම්බ්‍රිඩ්ජ් ආදිපාදවරිය අද සිය තුන් වන දරු උපත ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේ සිදු කරනු ලැබුවා. ඇය බිහි කළේ පුත් කුමරෙකි. විලියම් කුමරු, නැතිනම් කේම්බ්‍රිඩ්ජ් හි ආදිපාදවරයා ද, පුත් කුමරා බිහි වන අවස්ථාවේ එහි රැදී සිටි බවයි, කෙන්සිංටන් මාළිඟය නිවේදනය කළේ.
දේශ සීමාවේ දකුණු කොරියානු ගුවන් විදුලිය නිහඩ වේ
උතුරු කොරියානු දේශ සීමාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශය කළ දකුණු කොරියානු ගුවන් විදුලි විකාශය නවතා ඇත. ඒ එළැඹෙන සිකුරාදා සෝල් හි දී පැවැත්වෙන සාකච්ඡා සඳහා සහාය වීමක් වශයෙනි.
කැබිනට් වෙනස මේ සතියේ: ජනපති-අගමැති අතර හමුවක්
නව පූර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා රජයේ සම කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මැලේසියාවේ ඉදිකරනු ලබන පළමු වෙසක් තොරණ
වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්වීම සඳහා එළඹෙන වෙසක් සමය වෙනුවෙන් මැලේසියාවේ දී පළමුවරට නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ ඉදිකිරිමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරමින් පවතී.
මොරගහකන්ද වාරි ඇලේ වැඩ ඇරඹෙයි
අමෙරිකානු ඩොලර් මිලියන 450 ක වියදමින් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය ගෙන යන ඇලේ වැඩ ආරම්භ කර ඇත. මෙම ඇල මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 94 කි.
Subscribe to:
Posts (Atom)