Social Icons

facebookrss feedemailtwitter

Wednesday, December 5, 2018

පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරන බව ජනපති කියයි

රටේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසයි.
ඒ රට, ජනතාව සහ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත සම්මේලනය අමතමින්ය. මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දේ. රට විනාශ මුඛයට ඇඳ දැමූයේ එක්සත් ජාතික පක්ෂ නායකයා බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අඳූරදර්ශී වැඩපිළිවෙළ නිමා කර, රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායක වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයින්ට සාමයේ දෑත් දිගු කරන බව ද එහිදී ප්‍රකාශ කළේය.