Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ශ්‍රී ලංකාව 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක්

ශ්‍රී ලංකාව වසර 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සාර්ථකව සපුරා ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මිරෙඩ් බින් රාද් බින් සයිද් අල්හුසේන් කුමරු පවසයි.

රටවල් 160ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති “බිම් බෝම්බ පිටුදැකීමේ ඔටාවා සම්මුතිය” පිළිබඳ 17 වැනි අන්තර්ජාතික සැසිවාරය දී ඔහු මේ බව පෙන්වා දී තිබේ. ඒ හා සමගාමීව ජිනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විශේෂ සාකච්ජාවක් සංවිධාන කළේය. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රගතිය අන්තර්ජාතික ප්‍රජාවට පැහැදිළි කරදීම එහි අරමුණයි. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මෙරට චාරිකා කිරීම තුළින් නිරීක්‍ෂණය කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අල් හුසේන් කුමරු එහිදී අදහස් දක්වමින් කියා සිටියේ, බිම් බෝම්බ පිටු දැකීමේ වැඩසටහන මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක බවයි.