ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහි නිලධාරින් පිරිසක් විසින් මේ දිනවල ජි.පී.ආර්.එස් තාක්ෂණය දුම්රිය සේවාව සඳහා හදුන්වාදීම සම්බන්ධයෙන් වූ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබේ. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ දුම්රිය කාලසටහන් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම නව තාක්ෂණය හදුන්වාදීමේ මූලික අරමුණ වී තිබේ. දැනටමත් ක්‍රියාත්මක සුඛෝපබෝගී දුම්රිය සේවාවන් සදහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට හැකියාව පවතින අතර නව තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ අනෙකුත් දුම්රිය සේවා සඳහා ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට හැකිය.
Monday, January 29, 2018
පෞද්ගලික රෝහල් නියාමනය පෙබරවාරි 01 සිට
පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ජාත්‍යාන්තර ආයතනයක් මගින් දිවයින පුරා සියළුම පෞද්ගලික රෝහල්වල සිදු කරන සේවාවන් සඳහා අය කරනු ලබන මිල ගණන් එකතු කර වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාව අධ්‍යයනය කර රෝහල් නියාමනය කෙරෙන බව, අමාත්‍යවරයා පවසයි. අධික මිල ගණන් යටතේ ඇති ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මාර්ග අවහිර වීමෙන් රජයට රුපියල් බිලියන 60 ක් අහිමි වේ
ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන රථ වාහන තදබදය හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 කට අධික මුදලක් රටට අහිමි වන බව, නවතම අධ්‍යනයක් හෙළි කරයි. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම තුළින් රථ වාහන තදබදය අවම කර ගැනීමට හැකි වේ. මේ වනවිට රථ වාහන තදබදයෙන් සියයට 50 ක් යතුරුපැදි හේතුවෙන් සිදුවන බව එම අධ්‍යන වාර්ථාව සදහන් කර ඇත. රථ වාහන තදබදය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය ද ඉහළ ගොස් තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කෙරේ
නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ එම කාලය ලබන පෙබරවාරි 02 වැනි දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවය. 2017- 2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජනවාරි 26 වනදා ලෙස මීට පෙර ප්‍රකාශ කර තිබිණ. අදාළ අයදුම්පත් අන්තර්ජාලය ඔසසේ යොමුකළ යුතුය. 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.
ආනයනික වාහනවල නීති බලාත්මක කෙරේ
ඒ අනුව ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 වන දා සිට තහනම් කෙරේ. ඒ අනුව ජූලි මස 01 වැනි දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගීන් සඳහා වූ වායු බැලූන, අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වනු ඇති. 2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද වාහන නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී.
70 වැනි නිදහස උත්කර්ෂවත් ලෙස සැමරේ
ජාතික නිදහස් දිනය ''එකම දැයක්'' යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ මෙවර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස එලිසබෙත් මහ රුජිනියගේ බාල පුත්‍ර එඩ්වර්ඩ් කුමරු සහභාගී වීමට නියමිත බවයි.
මෙරට රෝහල් සංවර්ධනයට චීන ආධාර
ඒ යටතේ ගම්පහ මීරිගම මූලික රෝහල මූලිකව සංවර්ධනය කෙරේ.චීන රජයේ ආධාර යටතේ මෙම රෝහල සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2000 කි. බාහිර රෝගී අංශය, හදිසි අනතුරු අංශය, රසායනාගාර සේවා, විකිරණ ඒකකය, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුලත් සංකීර්ණයක් මෙහි ඉදි කිරීමට නියමිතය.
හොඳම පාසල වැඩසටහනට රුපියල් මිලියන 2,700 ක්
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ හඳුනාගත් පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් මෙම වසරේ ගත වූ පළමු සති දෙක තුළ රුපියල් මිලියන 2700ක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2016 වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පසුගිය වසර අවසන් වන විට සංවර්ධන ව්‍යාපෘති 7296 ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 දී 5% ක වර්ධනයක් - ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 දී 5% කින් වේගවත් වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. 2018 දී 6.9% ක වර්ධනයක් දකුණු ආසියාව අත්කර ගන්නා බව, ලෝක බැංකුව සඳහන් කර ඇත. ඒ අනුව පරිභෝජනය ශක්තිමත්ව පවතින අතර දකුණු ආසියාව සිදු කරන අපනයන් යථා තත්ත්වයට පත්වී ආයෝජන අවස්ථා ද යහපත් ලෙස පවතින බව, සිය නවතම අනාවැකියෙන් ලෝක බැංකුව පෙන්වා දී ඇත.
ජනපති ධුර කාලය වසර 05යි
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05න් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.
ශ්‍රී ලංකාවේ දකුණු දුම්රිය මාර්ගයේ පළමු අදියර ඇරඹේ
චීනය විසින් ඉදි කරන ශ්‍රී ලංකාවේ දකුණු දුම්රිය මාර්ගයේ පළමු අදියර ඇරඹේ. ඒ අනුව, මාතර - කතරගම දුම්රිය සේවාව දීර්ඝ කෙරේ. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයිනේ දකුණු ප්‍රදේශයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කෙරේ. ඉදිරි මාස කිහිපයේ දී පළමු අදියරේ ඉදිකිරීම් නිම කර එහි ප්‍රතිලාභ මහජනතාවට සහ සංචාරකයින්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.
පෞද්ගලික රෝහල් සැත්කම් සඳහා උපරිම මිලක් නියම කෙරේ
පෞද්ගලික රෝහල් සැත්කම් සඳහා උපරිම මිලක් නියම කෙරේ. ඒ අනුව ඉදිරි මාස 06 තුළ එය ක්‍රියාවට නැංවේ. පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා අය කරන ගාස්තුවල නිසි ප්‍රමිතියක් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ වන විට එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවට, ජාතික ඖෂධ නියාමන කොමිසමට මහජන පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව, පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ එක් එක් සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීමට අමාත්‍යාංශය ඉදිරියේදී සැළසුම් කර ඇත. එහිදි පළමුව, සෑම පෞද්ගලික රෝහලකම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන අතර, එම වාර්තා සමාලෝචනය කිරීමෙන් පසුව නිසි මිලක් නියම කෙරේ.
ලංකාව සංචාරයට ආරක්ෂිතයි - අමෙරිකාව පවසයි
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ සංචාරක සුරක්ෂිතතාව ඉහළම අගයක පවතින බව පවසයි. මට්ටම් 4 ක් යටතේ ලොව රටවල සංචාරක සුරක්ෂිතාව අනුව වර්ගීකරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව එහි පළමු මට්ටමට අමෙරිකාව පියවර ගනී. එම කාණ්ඩයට අයත් රටවල සංචාරය කිරීමේදී විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු නැත.
වීසා නිකුත් කිරීම යාවත්කාලීන කෙරේ
මෙරට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වඩාත් ක්‍රමවත්ව හා යාවත්කාලීන කිරීමට රජය පියවර ගනී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම තීරණයට එළඹ තිබේ. ඒ අනුව සුදුසුකම්ලත් විදෙස් ජාතිකයන්ගේ ඉල්ලීම මත සංචාරක වීසා, නේවාසික වීසා හා අන්තර් වීසා හෙවත් ට්රාන්සිට් වීසා නිකුත් කෙරෙනු ඇත.
පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකෙරේ
ශ්‍රී ලංකාවේ පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ. සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය. මෙම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගනී.
රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයේ වර්ධනයක්
2017 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත. එම සංඛ්‍යාව 2,116,407 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. මෙය 2016 වර්ෂයේ වාර්තා වූ 2,050,832 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 3.2 ක ඉහළ යාමකි.
ඉන්ධන සහ විදුලියට මිල සූත්‍රයක්
ලබන මාර්තු මාසයේදී ඉන්ධන සඳහාත්, සැප්තැම්බර් මාසයේදී විදුලිබලය සඳහාත් ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර සිටී. රජයේ ව්‍යවසායන්හී පවතින දැඩි මූල්‍ය අලාභයන් අඩු කරගැනීමේ ත්‍රමවේදයක් ලෙස මේ මිල සූත්‍රය හඳුන්වාදෙන බව, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා සදහන් කර සිටී.
ත්‍රී රෝද රථ ලියාපදිංචිය වාර්ථාගත ලෙස පහළට
සියයට 50 කින් පමණ ලියාපදිංචිය සැළකිය යුතු ආකාරයෙන් පහත වැටී ඇති බව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. මෑතක ක්‍රියාත්මක කළ තීරණ කිහිපයක් නිසා මෙලෙස ලියාපදිංචිය පහත වැටී ඇති බව පැවසේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව, 2016 වර්ෂයේදී ත්‍රී රෝද රථ 56,945 ක් ලියාපදිංචි කර තිබේ.
සුළු අපනයන ගම්මාන වැඩසටහන කඩිනම් කෙරේ
ඒ සඳහා පහසුකම් සපයමින් ගොවීන් දිරිගන්වන බව, කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සහතික කළ බීජ, පැළ ආදී රෝපන මෙන්ම වාර්ෂිකව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එක් ගොවියෙකුට රුපියල් 3000ක මුදලක් ද ලබා දේ. එමෙන්ම වගා කිරීම සඳහා උපදෙස් හා විද්‍යාත්මක දැනුම විදිමත්ව ලබාදීමේ වැඩ සටහනක් ද ඇරඹේ.
කොළඹ වරාය නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක්
විදේශීය ආයෝජකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ ඉදිරි අපේක්ෂාව වී ඇත. ඒ අනුව, කොළඹ වරාය නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයෙන් තට්ටු 60 ගොඩණැගිලි 3 ක් ඉදිකිරීමට යෝජනා වේ. ඊට අදාළ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම ලගදීම අත්සන් කිරීමට නියමිතය. කොළඹ වරාය නගරයේ මූලික ඉදිකිරීම් මේ වන විට 60% කින් අවසන්වී තිබේ.
Subscribe to:
Posts (Atom)