Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

පෞද්ගලික රෝහල් සැත්කම් සඳහා උපරිම මිලක් නියම කෙරේ

පෞද්ගලික රෝහල් සැත්කම් සඳහා උපරිම මිලක් නියම කෙරේ. ඒ අනුව ඉදිරි මාස 06 තුළ එය ක්‍රියාවට නැංවේ. පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා අය කරන ගාස්තුවල නිසි ප්‍රමිතියක් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ වන විට එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවට, ජාතික ඖෂධ නියාමන කොමිසමට මහජන පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව, පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ එක් එක් සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීමට අමාත්‍යාංශය ඉදිරියේදී සැළසුම් කර ඇත. එහිදි පළමුව, සෑම පෞද්ගලික රෝහලකම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන අතර, එම වාර්තා සමාලෝචනය කිරීමෙන් පසුව නිසි මිලක් නියම කෙරේ.