Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

විස්සයි 20 න් ලකුණු 75ක ජයක්

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර 18 වැනි දින පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 75ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව විස්සයි 20 තරගාවලිය ද 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

ඉරාන ගුවන් අනතුර හා මෙහෙයුම් තාවකාලිකව නවතයි

ඉරානයේ සිදු වූ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් සොයා සිදුකෙරුණු මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. යානය කඩා වැටුණු සැග්රෝස් කඳුකර ප්‍රදේශයට අධික වර්ෂාවෙන් හා හිමපතනයෙන් බාධා එල්ල වීම ඊට හේතුව වේ. කාලගුණය යහපත් අතට හැරුණහොත් යළිත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන බව බලධාරීන් සඳහන් කර තිබේ. ඊපී 3704 ගුවන් යානය ටෙහෙරාන් අගනුවරින් පිටත් වී පැයකට පමණ පසුවයි අනතුරට ලක්විය. යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 60 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ගමන් කළේය.

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට

“සයිටම්”පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට තීරණය කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව, සිසුන් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමකින් පසුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත.

යුරෝපා සංගමයේ ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි - මියුනිච් ආරක්ෂක සමුළුව

යුරෝපා සංගමයේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ පවතින ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමවේදය ලිහිල් කළ යුතු බව අවධාරණය කෙරේ. කොමිසමේ සභාපති Jean-Claude Juncker මහතා ජර්මනියේ මියුනිච්හි පැවති ආරක්ෂක සමුළුවේදී මේ බව පැවසීය. එවැනි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඡන්ද විමසීමකින් ඒකමතික ව සම්මත කිරීම අත්‍යාවශ්‍ය නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපතිවරයා

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපතිවරයා ලෙස සිරිල් රැම්පෝසා තේරී පත් වේ. ඔහු එසේ තේරී පත් වුණේ පසුගිය 14වැනි දා හිටපු ජනාධිපති ජැකෝබ් ෂූමා මහතාගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසුවය. එරට ආණ්ඩු පක්ෂය වන දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ඡන්ද විමසීමක් පවත්වමින් සිරිල් රැම්පෝසා දකුණු අප්‍රිකාවේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්කෙරිණ. මීට පෙර රැම්පෝසා දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

මියුනිච් ආරක්ෂක සමුළුව ඇරඹේ

54 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව ලොව පුරා රටවල් රැසක 500 ට අධික නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ඒගෝලීය ආරක්ෂක කරුණු සාකච්ඡා කිරීමේ අරමුණෙනි.ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අනාගත භූමිකාව සහ ඒ හා සම්බන්ධ අමෙරිකාවේ හා රුසියාවේ සබඳතා පිළිබදව සාකච්ඡා කෙරේ. ජාතිකවාදය හා ආරක්ෂණවාදය හමුවේ මධ්‍යස්ථ ජාත්‍යාන්තර නියෝග ක්‍රියාත්මක කිරීම මෙන්ම අත්ලාන්තික් සාගරයේ අස්ථාවරත්වය යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

Wednesday, February 21, 2018

ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල අතර චීනය දෙවැනි සහ තෙවැනි තැනට

බ්‍රිතාන්‍යයේ “ටයිම්ස් උසස් අධ්‍යාපනය” සඟරාව ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල නාමාවලිය පසුගියදා එළිදැක්විය. සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය වසර 3 ක් පුරා එහි පළමු ස්ථානයේ පසු වන අතර, එහි දෙවැනි සහ තුන් වැනි ස්ථාන දිනාගෙන සිටින්නේ චීනයේ ට්සිංහුවා විශ්ව විද්‍යාලය සහ පිකිං විශ්ව විද්‍යාලයය.

ටිබෙටයේ වසන්තයේ අරුණළු

චීනයේ ටිබෙට් සාම්ප්‍රදායික අලුත් අවුරුද්දත්, චීන වසන්ත උත්සවයත් උදාවුණේ එකම දිනයකදීය. නව වසර පිළිගැනීම සඳහා ටිබේටයේ ද විශේෂ සූදානමක් දක්නට ලැබිණ. ඒ සදහා විශේෂ මල් වර්ගයක් නිර්මාණය කිරීම ටිබෙට් ස්වායත්තයේ සාම්ප්‍රදායික සිරිතකි.

අඩු ඉඩක් ඉහළ ප්‍රතිලාභ

මේ නිරිත දිග චීනයේ Chongqing හී නවීන සැළසුමකට අනුව ඉදි කරන ලද නේවාසික රථ වාහන නැවතුම් පළකි. මෙය ඉලිප්සාකාර වාහන නැවතුම් පළක් වේ. රියදුරන්ට නම් මෙහි තම වාහනය නැවැත්වීමට විශේෂ හැකියාවක් හා ඉවසීමක් අත්‍යවශ්‍ය බව හැඟීයනු ඇති. කෙසේ වුවත් මෙය ලොවට ආදර්ශයකි.

හම්බන්තොට වරාය හේතුවෙන් චීනය බැඳුම්කර විකුණයි

චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් හෙවත් සී.එම්. පෝට් සමාගම හම්බන්තොට වරාය මිලදී ගෙන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බැඳුම්කරයක් නිකුත් කර තිබේ. චීනයේ ව්‍යවහාර මුදලින් RMB මිලියන 500ක් එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ උපයා ගැනීම සඳහා වසර තුනකින් කල් පිරෙන මෙම බැඳුම්කර නිකුත් කර ඇත්තේ සියයට 5.15ක වාර්ෂික පොළියක් යටතේය.

Tuesday, February 20, 2018

වසන්තය හා පහන් කූඩු

චීනයට වසන්තය උදාවී ඇත. පරිසරය උත්සව අසිරියෙන් පිරී පවතී. මේ පහන් කූඩු ප්‍රදර්ශනය Jiangsu පළාතේ Nanjing හී දී දක්නට ලැබෙන්නකි. පහන් කූඩු 234 ක් මෙහි දක්නට ඇත. මාර්තු මාසයේ අවසානය දක්වා මෙම පහන් කූඩු සංදර්ශණය නැරඹිය හැකි වේ.

ට්‍රම්ප් රජයේ 2019 අයවැය අනුව ජාතික ආරක්ෂාවට වැඩි තැනක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ 2019 මුල්‍ය වර්ෂයේ අයවැය කෙටුම්පත අනුව 2019 වර්ෂයේ ඇමෙරිකානු මධ්‍යම රජයේ සමස්ත අයවැය වටිනාකම ඇ.ඩො. ටිලියන 4.4 කි. ජාතික ආරක්ෂාව සඳහා වන අයවැය ඇ.ඩො. බිලියන 716 දක්වා ඉහළ නංවා ඇත. යටිතල පහසුකම් සඳහා වන ප්‍රමාණය ඇ.ඩො. බිලියන 200 ක් වන අතර රාජ්‍ය දෙපාර්තමේන්තුව,පරිසර සුරැකුම් දෙපාර්තමේන්තුව, සෞඛ්ය හා පොදු සේවාව සඳහා වන අයවැය පහළ දමා තිබේ.

චීනය සිදු කරන සෘජු විදේශ ආයෝජන කැපී පෙනෙන ලෙස වර්ධනය වේ

චීනය විදේශයන්හි සිදු කරන ඍජු ආයෝජන මාස 3ක් පුරා පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. චීන වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛනයට අනුව ජනවාරි මාසයේ චීනය සිදු කළ විදේශ ආයෝජනයන් හී වටිනාකම ඇ.ඩො. බිලියන 10.8 කි. එය පසුගිය වසරේ එම කාලය හා සැසදීමේදී සියයට 39.7 ක වර්ධනයකි.

Friday, February 16, 2018

තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක කලීඩ් මෙසූඩ් ජීවිතක්ෂයට

පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක කලීඩ් මෙසූඩ් නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත. කලීඩ් මෙසූඩ් නම් මෙම පුද්ගලයා තලේබාන් සංවිධානයේ යුද අවි මෙහෙයුම්වල දී මූලිකව ක්‍රියා කළ අයෙකි. ඉදිරි සතියේ දී නව නියෝජ්‍ය නායකයා පිළිබඳ තොරතුරු දැනුම් දෙන බව එම සංවිධානය සදහන් කර ඇත.

රුපියලේ අගය තවත් පහළට

බැංකු සහ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගයෙහි පහත වැටීමක් දක්නට ලැබේ. පසුගිය සතියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 154.15 ත් - 20 ත් අතර පැවතිණ. නමුත් මේ වන විට එය රුපියල් 154.30 ත් - 35 අතර ප්‍රමාණයකින් පහත වැටී තිබේ. ඒ අනුව ගත වූ සතිය තුළ රුපියලේ අගය සියයට දශම 4කින් පහත වැටී ඇති බව සදහන්.

පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් පසුගියදා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. ඩබ්ලිව්. එම්. ශිරෝමාලා නම් එම අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක් වන්නේ පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහිඅත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයෙන් ඇය ජය ලැබුවාය.

Wednesday, February 14, 2018

2017 - Sky Pixel ගුවන් ඡයාරූප තරගයේ හොදම ඡයාරූපය

ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන Florian Ledoux ගේ “සුදු වලසා” නම් ඡයාරූප තරඟාවලියේ ඉහළම සම්මානය දිනාගත්තේය. සුදු වලසෙකු මුහුදු ජලය මතින් සෙමෙන් ගමන් කර අයිස් තුළට ගමන් කිරීම එහි සටහන් වී තිබේ. එහි අනෙකුත් අපූරු ඡායාරූප ද මේ සමග නරඹමු.

පළාත් පාලන ආයතන නැවත පිහිටුවීම මාර්තු පළමු සතියේ

පළාත් පාලන ආයතන නැවත පිහිටුවීම මාර්තු මස පළමු සතියේ සිදු කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ මේ පිළිබඳව වූ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවය. මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයන් පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මෙම කටයුතු සිදු කෙරෙනු ඇත.

චීනය තවත් චන්ද්‍රිකා දෙකක් සාර්ථකව කක්ෂගත කරයි

චීනය තවත් බෙයිදෝ මඟපෙන්වීම් චන්ද්‍රිකා දෙකක් 12 වැනි දින සාර්ථකව කක්ෂගත කළේ ය. චීනයේ ස් චුවාන් පළාතේ ශී චන් චන්ද්‍රිකා අභ්‍යාවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිටය. ලෝන් මාර්ච් ත්‍රී බී ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් කක්ෂගත කළ එම බෙයිදෝ මඟපෙන්වීම් චන්ද්‍රිකා දෙක චීනයේ බෙයිදෝ ත්‍රී චන්ද්‍රිකා ජාලයේ 5 වන සහ 6 වන චන්ද්‍රිකා දෙක ය.

පැමිණිලි 152 ක් පිළිබදව අල්ලස් කොමිසමෙන් විමර්ෂණ

තම කොමිසමට ලැබුණු පැමිණිලි 152ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ පසුගිය මාසය තුළ ලැබුණූ එම පැමිණිලිවලින් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණයේ නඩු 05ක් පවරා ඇති බවයි.